Sunday, February 8, 2015




ඔයත් Android User කෙනෙක් නම අනිවාර්යයෙන්ම අහලා ඇති Root කරනවා කියන එක. ඔයා සමහරවිට මේ ගැන දන්නවත් ඇති. ඒත් මම මුල ඉඳන්ම කියන්නම් මොකද්ද මේ කියලා.

අපිට ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් භාවිතා කිරීමේදී අපිට යම්කිසි සීමාවන් ටිකක් දුරකථනය නිශ්පාදනය කරනකොටම ඒ සමාගම පනවනවා. මේ සීමාවන් පනවන්නේ එක් අතකින් අපේ හොඳට හා දුරකථනයේ ආරක්ෂාවට. අනිත් එක එයාලගේ වාසියට.


දැන් බලමු ඇයි මම මෙහෙම කිව්වේ කියලා. ස්මාට් දුරකථන භාවිතා කරන හැමකෙනාම ස්මාට් නැහැ නේද? ඉතින් එයාලා වැරදි දෙයක් කළොත් දුරකථනය භාවිතා කළ නොහැකි තත්වයකට පත්වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රධාන පද්ධතියට වෙනස්කම් කරන්න බැරි වෙන්න එයාල සකස්කරන එකෙන් දුරකථනයේ ආරක්ෂාවත් තහවුරු වෙනවා. එයාලගේ වාසියට කිව්වේ එයාලා දුරකථනය නිපදවනකොටම ඒ සමග ඇතුළත් කරන ඇප්ස් (Bloatware) තියෙනවා. අපිට අවශ්‍ය වුණත් මේ සමහර ඒවා අයින් කරන්න බැහැ.

ඉතින් මේ Root කරනවා කියන්නේ පෙර මම කිව්වා වගේ ප්‍රධාන පද්ධතියට වෙනස්කම් කරන්න පුළුවන් වෙන විදිහට දුරකථනය සකසගන්න එක. ඉතින් අහන්න දෙයක් නෑ මේක කරනවත් එක්කම දුරකථනයේ වගකීම් කාලය අවසන් වෙනවා. Root කරන්න ගිහින් වෙන දේවල්වලට දුරකථන සමාගම වගකියන්නේ නෑ. ඉතින් මේ සියල්ල ඔබේ වගකීම.

අපි ඉතින් මුළින්ම බලන්නේ දෙයක වාසි අවාසිනේ. ඉතින් එහෙනම් මාත් ඒවම පෙන්නන්නම්.


වාසි

  • තමන්ට ඕනෙ දෙයක් තමන්ට අවශ්‍ය විදිහකට කරගැනීමට හැකිවීම
  • තමන්ට අවශ්‍ය වෙන Custom Rom / Custom Kernal එකක් Flash කරගැනීමට හැකිවීම
  • දුරකථනය සමග එන අනවශ්‍ය මෘදුකාංග ඉවත්කිරීමට හැකිවීම
  • දුරකථනයේ වේගය හා Battery Life එක වැඩිකරගැනීමට හැකිවීම
  • දුරකථනයට නොගැලපෙන මෘදුකාංග පවා භාවිතා කිරීමට හැකිවීම
  • ඕනෑම මෘදුකාංගයක ඇති ඇඩ්ස් Block කිරීම
  • දුරකථනයේ Backups තබාගැනීම ඉතා පහසුවීම
  • දුරකථනයේ තිරය වීඩියෝ ආකාරයෙන් Record කිරීමට හැකිවීම
මීට අමතරව තව ගොඩාක් වාසි තියෙනවා.

අවාසි

  • දුරකථනයේ වගකීම අවලංගු වීම
  • වැරදි ලෙසින් භාවිතා කළොත් දුරකථනය භාවිතා කළ නොහැකි තත්වයකට පත්විය හැකිවීම (කෙසේවත් Repair කළ නොහැකි තත්වයට පත්වීම Brick වීම ලෙස හඳුන්වයි)
වාසි වගේම අවාසිත් තියෙනවා තමයි. ඒත් යම් යම් දේවල්වලට මේ Risk එක අපිට ගන්න වෙනවා.

0 comments:

Post a Comment

ඔබ ගැන ...........

IP Address Checker
Back to Top






Back to Top
Back to Top
Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks
       
   
Aluthin.com

ජනප්‍රිය ලිපි

windws 10 coming soon!!!

/*trickstoo rainbow color changing effect links for blogger*/ + Add This Rainbow Colours.